Friday, September 27, 2013

පිට්ටු බම්බුව බ්ලෙන්ඩරීකරණය......

ඕන් එකෝමත් එක දවසක  අපේ ඇසයින්මට් එකකට අපිට දුන්නා බ්ලෙන්ඩර් වලින්(බ්ලෙන්ඩර් කියන්නේ 3D modeling tool එකක්ලු නේ ඕනේ නන් බාගන්න- http://www.blender.org/download ) මොනා හරි බිල්ඩිමක් හදන්නෙයි කියාලා..පුරුදු විදියටම එහෙම එකක් දුන්නද කියලවත් අමතක කරල ඉදලා ඉදලා සබ්මිට් කරන්න දවස් දෙකකට කලින් නැට්ටට ගිනි ඇවිලිලා වගේ බ්ලෙන්ඩර් කරන්න පටන් ගත්තා.එහෙම පුලුවන් කියල හිතුවට ඒකේ තියෙන වැඩකිඩ කන්දරාවෙ හැටියට සතියකුත් මදි වෙන ලයින් එකක් තිබ්බේ.සමහර ශෝට්කට් කී ඔබන්න අත් දෙකත් මදි.කූමින් කූමින් හරි වටේ පිටේ ඉන්න උන් දෙවිවරු වගේ ඇවිල්ලා උදව් කරපු නිසා යන්තන් ඒ දවසේ සබ්මිට් කරගන්න පුලුවන් උනා.මේ තියෙන්නේ අන්තිමට රෙන්ඩ කරපු වීඩියෝ කෑල්ල.



මේ තියෙන්නේ ඒ බ්ලෙන්ඩරීකරණ ක්‍රියාදාමයේ අග්‍ර ඵලය ( කෝඩ් එක බොලව්)

http://www.mediafire.com/download/2rbuq6d1tybjs9n/final2.blend

No comments:

Post a Comment