Friday, September 27, 2013

ඇන්ඩ්‍රොයිඩ් ඇප් වලට ගූගල් මැප් අලවාගන්නා ආකාරය....... එක

                                                දැන් බලනෝ ඇති ඉස්සර යස අගේට වල්පල් ඕපදූප කතාකර කර තිබ්බ තේ කඩේ මක්කද මේ කතා කරන කුනුහරුප කියලා.මේකයි හේතුව මේක මේ බ්ලොග් එකක් නේ ගෲප් එකක් නෙවි නේ.ඒකේ ඉතින් අනුන්ගේ වල්පල් කතා කරන්න විදිහක් නෑ.ඒක නිසා මම් මගෙ වල්පල් විතරක් දාන්න තීරනේ කරා.....මම ඉතින් ගොන් කමට හාහා පුරා කියලා දාන්න හදන්නෙ  ටෙක් පැත්තට බර එකක් නේ.ඒක නිසා ටිකක් දුර කියවනකොට ලොවෙත් නින්ද යනෝ.නින්ද ගියොත් එහෙම කොමෙන්ට පාරක් දාන්න.එතකොට නිදිමත ඇරිලා යාවි.
                                                ආපහු ඉතින් පුරුද්දට විකාර කියෝනෝ.අපි බහිමු වැඩට.දන්නවනේ ඉතින් ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ මොකද්ද කියාලා.දන්නේ නැත්නම් මේකට ගිහින් බලාගන්න එකයි ඇත්තේ .https://en.wikipedia.org/wiki/Android_(operating_system) .ඉතින් ඇන්ඩ්‍රොයිඩ් එකත් ගූගල් දෙයියා මවපු එකක් නේ.ගූගලයානන්ගේම තවත් විශ්මකර්ම නිර්මානයක් තමා ගූගල් මැප් කියන්නේ.ඒක ගැන දන්නේ නැතිමනන් මේකට ගිහින් බලාගන්න. https://en.wikipedia.org/wiki/Google_Maps .හැබැයි කේස් එකෙයි කියන්නේ ඔය දෙක එකට එන්නේ නෑනේ.ඒක නිසා අපි හදන ඇන්ඩ්‍රොයිඩ් ඇප් කෑල්ලට ගූගල් මැප් library එක බාගන්න වෙනෝ.ඒකට ADT එක ඕපන් කරගෙන(බාලා නැත්නන් බාගන්න http://developer.android.com/sdk/index.html ), window මෙනු එකෙන් -> Android SDK manager යන්න.දැන් ඒකේ ඇති  google play services කියාල එකක්.අන්න ඒක install කරලා නැත්නම් install කරගන්න.ඔන්න දැන් අපි වැඩ කෑල්ල දාන්න ඕන බඩු ලේස්ති කරන් ඉවරයි.දැන බලමු පියවර හයකින් මැප් එක අලවන්නේ කොහොමද කියලා.

1.Google map API key එකක් ගන්න....

                                       ගූගල් මැප් එක දාගන්න කලින් ඒක Google API Console එකේ Register කරන් ඉන්න ඕන.ඒකට මේ ලින්ක් එකට යන්න. https://code.google.com/apis/console.(ඒකට ගිහින් අලුත් ප්‍රොජෙක්ට් එකක් එහෙම හදාගන්න තියේවි.ඒක ඉතින් නොර්මල් එකේ කරගන්න පුලුවන් නේ) ඊට පස්සේ ඒකේ services කියල තියෙන link එකට යන්න.ඒකේ ඇති මෙහෙම එකක්.අන්න ඒක on කරගන්න.






ඊට පස්සේ ඒකේ API Access කියල තියෙන link එකට යන්න.ඒකේ ඇති මෙහෙම එකක්.ඒකේ create new Android key ඔබන්න.




ඔන්න දැන් එනව ටිකක් බයානක වැඩක්.අපි ඉතින් ඒකත් හෙමිහිට කරගමු.මුලින්ම ස්ටාර්ට් මෙනු එකට ගිහින් cmd කියලා ගහල search කරල command prompt එක ඕපන් කරගන්න.දැන් JAVA JDK එක තියෙන තැන හොයාගෙන ඒකේ bin කියන folder එකට තියෙන path එක copy කරගන්න.දැන් cmd එකේ cd කියලා ගහලා අර copy කරගත්තු path එක paste කර්ගන්න.ගහාලා එන්ටර් කරනවකෝ.ඒකත් කියන්න ඕනෙයි?.



දැන් ඉතින් තව පොඩි කෝඩ් කෑල්ලක් තියේ ගහන්න.ඒකට කලින් ADT එකේ window -> preferences ->android ->build   ගිහින් default debug keystore බලන්න ඕනේ එතන තියෙන path එක මොකද්ද කියාලා.ඒක අමතක වෙනව නන් කොපි කරගන්න.



keytool -list -v -alias androiddebugkey -keystore "default debug keystore එකේ තිබ්බ පාත් එක" -storepass android -keypass android

දැන් මෙන්න මේක cmd එකේ paste කරල enter කරන්න.


එතකොට එනවා නේ මොනාද කුනුහරුප වගයක්.ඒකෙන් SHA1 කියන කුනුහරුපෙ කොපි කරගන්න.
දැන් කෙලින්ම ගිහිල්ලා GOOGLE API Console එකේ අර create new Android key එබුවම ආපු dialog box එකේ ඔය කොපි කරගත්තු කුනුහරුපෙ paste කරන්න.දැන් එතනම සෙමි කෝලමක්(;) තියාලා අපි හදන package name(අර එක ප්‍රොජෙක්ට් එක හදද්දි දෙන පැකේජ් නේම් එක බන්....) එක paste කරන්න.


දැන් ඉතින් ඔබන්න.එතකොට එයි ලස්සන key එකක්. ඒක කොපි කරගන්න.සෑහෙන්න ඕන වෙනවා.


කොටින්ම කිව්වොත් නන් ඕක තියෙන්නේ ගූගල් ගෙන් පිහිට ඉල්ලන අයව අදුරගන්න.ඊට පස්සේ ඒ අයට මැප් පිහිට ලබාදෙනවා.

2.Google Services library එක දාගන්න

ඕකේ කියල තියෙන වැඩේ කරන්න මුලින්ම file මෙනු එකට ගිහින් ඒකේ import ඔබන්න.දැන් එන dialog එකෙන් android එක ඇතුලෙ තියෙන  existing  android code into workspace එක ඔබලා next කරන්න.
දැන් ඉතින් android sdk  එක තියෙන තැන එහෙම හොයාගෙන ඒක ඇතුලෙ මේ පාත්  එක කලින් එබුවම ආපු dialog box  එකේ පාත් එක දෙන තැනට දෙන්න.




[SDK එක තියෙන් path එක]adt-bundle-windows-x86_64\sdk\extras\google\google_play_services\libproject

කැමති නන් OK එබුවට කමක් නෑ.
ඊට පස්සේ copy project into workspace ටික් එක දාලා dialog box එක නැති වෙනකන්ම next  ඔබන්න.
දැන් ඉතින් කාට කාටත් පෙනෙයි අර ගූගල් ප්ලේ සර්විස්() එක ප්‍රොජෙක්ට් වලට වැටිලා තියෙනෝ.




අපොයි දැන්නන් ගහලා ගහලා අතත් රිදෙනෝ :p. ඉතුරුවා ඊලග පෝස්ට් එකට ඉතුරු කරලා මම කැපෙනෝ...



6 comments: